රනිල් දැන් යහමගට ඇවිල්ලා..! පොහොට්ටුවේ සහාය රනිල්ටයි..!.- මහින්ද..

October 8, 2022 at 11:50 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට දේශපාලනිකව යහමඟට හැරී ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුගේ ඉදිරි ගමනට සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු ‘ යන ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මෙම ජන රැලියක් අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට අගමැති දිනේෂ් ගුණවර්ධන ද එකතු විය.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙළ හොඳයි. එදා නම් අපි රනිල්ට බැන්නා. රනිල් UNP කාරයා කියලා.

දැන් රනිල් ඉන්නෙ අපිත් එක්ක. අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලා කියලා විශ්වාස කරනවා.

ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න උදව් කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *