රනිල් තවත් රට අල කළොත් ජනතාව ආණ්ඩු බලය දුන්නත් අපි ගන්නේ නෑ…! – ජාතික ජන බලවේගය…

June 21, 2023 at 8:31 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට විනාශය කරා ගමන් කරමින් තිබෙන බවත් තවත් වසරක් මේ ආකාරයෙන් රට පාලනය කළහොත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට වුවත් මේ රට ගොඩගැනීම අපහසු වන බවත් එම පක්ෂයේ විධායක සභික, හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ පවසයි.

ඒ අනුව එවන් තත්ත්වයක් යටතේ ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නත් ආණ්ඩුව භාර නොගන්නා බවයි, ඔහු අවධාරණය කළේ.

රනිල් වික්‍රමසිංහ විසින් රට නැවත ගොඩගැනීමට නොහැකි තත්ත්වයකට පත්කිරීමෙන් අනතුරුව ජාජබ රට භාරගතහොත් ජනතාව ජාජබ සාමාජිකයින්ට ද පහරදෙනු ඇති බවත් නලීන් හේවගේ ප්‍රකාශ කළ අතර එහෙයින් ජාජබ නොව ජනතාව පාරට බැස දැන්ම මේ ආණ්ඩුව එළවා දැමිය යුතු බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *