රනිල් එළවන අරගලය ආරම්භ කළා…! මාසෙන් රනිලුයි ආණ්ඩුවයි ගෙදර අරිනවා…! – අරගලකරුවෝ….

July 20, 2022 at 6:39 pm | by emanisa.lk

මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලු මුවදොර අරගලකරුවෝ අවධාරණය කරති.

රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇතැයි ද ඔවුහඅ පවසති.

පාර්ලිමේන්තුවේ දී ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බවත් මර්දනයට තමන් බිය නොවන බව ද කියා සිටියහ.

අද පාර්ලිමේතුව තුල සිදුව යුතුව තිබුනේ ජනතාවාදී පාලකයෙකු පත්කරගැනීම වුවත් සිදුවූයේ පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු ඔවුන්ගේ නිරුවත වසා ගැනීම සඳහා ඔවුන්ට වුවමනා ජනතා විරෝධී ජනාධිපතිවරයකු පත් කරගැනීම බවත් අරගලකරුවෝ පෙන්වා දුන්හ.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *