රනිල්ගේ කැපෑසිටියෙන් මයිලක් සජිත්ට නෑ! මෙහෙම ගියොත් අවුරුදු 25ක් විපක්ෂයේ ළඟින්න වෙයි! – විපක්ෂයේ ප්‍රබලයා ආණ්ඩුවේ ප්‍රධානියෙකුට කියයි…

August 22, 2020 at 11:30 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්ව හැකියාව ඉතාම දුර්වල බව විපක්ෂයේ සුළු පක්ෂ නායකයෙකු විසින් සඳහන් කර ඇත.

ආණ්ඩුවේ ප‍්‍රධානියකු සමග ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නව පාර්ලිමේන්තුව සැසිය විවෘත කළ දින සිදු කළ සුහද කතාබහකදීය.

රනිල් වික්‍රමසිංහට පක්‍ෂය දිනවන්නට ජනප්‍රසාදයක් නැති නමුත් ඔහුගේ දේශපාලන නායකත්වයෙන් මයිලක තරම් හැකියාවක් සජිත් ප්‍රේමදාසට නැතැයි ඔහු සඳහන් කර ඇත.

ඒ තත්ත්වය මත විපක්ෂයේ සමග ඉදිරි ගමන කොහෙන් අවසන් වේ දැයි සිතාගත නොහැකි බවත් විපක්ෂ නායකයාට ආණ්ඩුවට ප්‍රබල ලෙස බලපෑම් කරන්නේ කෙසේදැයි කිසිදු දැක්මක් නැති බවත් ඔහු පවසා ඇත.

මෙලෙස ඉදිරියට ගියහොත් වසර පහක් නොව තවත් වසර 25 ක් වුව ද විපක්ෂයේ සිටීමට හිත හදා ගත යුතුව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවක ආණ්ඩුවට සහාය දීමටත් තමන්ගේ අකමැත්තක් නැති බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස