රට ගොඩගන්න එජාපයට වැඩපිළිවෙළක් නෑ…! තනතුරවලින් මට ඇති වැඩක් නෑ…! – අර්ජුන

January 27, 2021 at 5:46 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය තමන්ට ලබා දුන් උප සභාපති ධුරය තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ එජාපයට රටේ යහපත් ඉදිරි ගමනක් වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව ය.

2020 මහා මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ පසු ද තමා පක්ෂය සමඟ රැඳී සිටියේ රට හමුවේ ඇති අභියෝග ජය ගැනීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂාවෙන් බවත් මෙතෙක් ඒ සඳහා සුබවාදී තත්ත්වයක් පක්ෂය තුළ නිර්මාණය වී නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

එජාප ජාතික සංවිධායක ධුරයට පත් නවීන් දිසානායක ද ඊයේ සිය ධුරය ප්‍රතික්ෂේප කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *