රටේ කිසි ම පොහොර හිඟයක් නෑ,..! පොඩි බෙදා හැරීම් ප්‍රශ්නයක් තියෙන්නේ….! – කෙහෙළිය…

June 23, 2021 at 7:39 am | by emanisa.lk

මෙම කන්නයේ රට තුළ පොහොර හිඟයක් ඇතැයි පැවසීම සම්පූර්ණ අසත්‍යයක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් විට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණ ද ප්‍රායෝගිකව පොහොර හිඟයක් ඇතිවීම කිසිසේත් සිදුවිය හැකි දෙයක් නොවන බවයි.

මේ අතර සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද කැබිනට් මාධ්‍ය හමුවෙදී අද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

එහි දී රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසුවේ, වී අස්වන්න යහපත් පරිදි මෙවර ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් සහල් මාෆියාවට මුහුණදීමත්, වෙළඳපොළේ මිල පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යාමටත් සහල් තොගය ආනයනය කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *