රටේ ආදර්ශවත් ම ඇකඩමිය කොතලාවල විශ්වවිද්‍යාලයයි…! බෞද්ධකමට නින්දා කරන බෞද්ධ පාලිය වසා දැමිය යුතුයි..!- ඕමල්පේ හිමි…

January 1, 2023 at 12:03 pm | by emanisa.lk

රටේ ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේලාගෙන් චරිත සහතික කිහිපයක් ලබා ගෙන බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට පැමිණෙන භික්ෂූන් වහන්සේලා අනතුරුව නොහික්මුණු මැරයින් බවට පත්වන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

නිසි විනයක් යටතේ පවත්වා ගෙන යා නොහැකි නම් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය වහාම වසා දැමිය යුතු බවයි, උන් වහන්සේ අවධාරණය කළේ.

මේ යුගයේ පවතින ආදර්ශවත් ම උසස් අධ්‍යාපන ආයතනය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බව එහිමියන් අවධාරණය කරති.

ඊට ඇතුළු වන ශිෂ්‍යයින් අධ්‍යාපනය සඳහා කැප වන බවත් රට හැදීමට හෝ ලෝකය හැදීමට නොයන බවත් ඕමල්පේ හිමි පෙන්වා දෙයි.

විනයක් නොමැති තැන අධ්‍යාපන කටයුතු සාර්ථක නොවන බවත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට ද එවැනි විනයක් සහිත සිසුන් බිහි කරන ක්‍රමවේදයක් උවමනා බවත් උන් වහන්සේ අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *