රංජන්ට බන්ධනාගාරයේ අමානුෂික වධහිංසා කරනවා…! ඔහු වැසිකිළි යන්න බැරිව හඬා වැටෙනවා….!

March 31, 2021 at 2:58 pm | by emanisa.lk

බරපතළ වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අමානුෂික වද හිංසාවලට ලක් කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි සඳහන් කරයි.

දණ හිස් දෙකම ශල්‍යකර්මවලට ලක් කර ඇති රංජන් රාමනායකට වැසිකිළි යාම සඳහා පුටුවක් ලබා දෙන්නැයි වෛද්‍යවරුන් ද නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එම පහසුකම් ලබා දී නැති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එ් නිසා වැසිකිළි යාමේ දී රංජන් රාමනායක හඬා වැටෙන බව ද ඔහු සඳහන් කළේය.

තමන් රාමනායක මන්ත‍්‍රීවරයා මුණගැසීමට අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයට ගිය ද ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් අනුමැතිය ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස