මේ රටේ ජනතාවගේ විසි හතර පැය මහජන සේවකයා වෙන්න මම සූදානම්! – සජිත්

July 8, 2019 at 12:35 pm | by emanisa.lk

පාළමක් යටින් ගලා යන ගඟක් සේ අමිහිරි අතීිතයක් තිබිණි නම් එය අමතක කර දමා පුළුල් දැක්මක් සහිතව වඩාත් ප්‍රගතිශීලි ගමනක් යාමට ඇමති මංගල සමරවීර කටයුතු කළ බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

එම ක්‍රියාවෙන් තමන්ගේ දේශපාලන චරිතය යම් ආකාරයටකට සංශෝධනය කර ගත් බවත් එහෙයින් තමන් ඇමති මංගලගෙන් පාඩමක් උගත් බවත් හෙතෙම සඳහන් කළේය.

අවස්ථාවක් ලැබුණු වහා ආදරණීය පියාණන්ගේ නාමයෙන් මේ රටේ ජනතාවගේ පූර්ණ කාලීන විසි හතර පැය සේවකයා වන්නට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ මංගල සමරවීරගේ දශක තුනක දේශපාලන ජීවිතය පිළිබඳ රචිත ග්‍රන්ථයක් එළිදක්වන උළෙලට මාතර දී ඊයේ (07) සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස