මේ ආණ්ඩුව බැනුම් අහන්නේ මහින්දලගේ ආණ්ඩුව කළ දේවල්වලටමයි! ඒ නිසා බනිනවා නම් එයාලටත් බනින්න ඕන! – අප්පච්චි මළා….

June 8, 2019 at 10:32 am | by emanisa.lk

කටුවාපිටියේ පල්ලියට බෝම්බ ගැසීමට තවුහිද් ජමාත් සංවිධානයට ඉඩම් මුදල් ලබා දී ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ මීතොටමුල්ලේ කුණු කන්ද ගොඩගැසුවේ රාජපක්ෂ ආණ්ඩුව වුවද ඊට බැනුම් ඇසුවේ වර්තමාන ආණ්ඩුව බවය. සයිටම් විශ්වවිද්‍යාලය හැදුවේ රාජපක්ෂ ආණ්ඩුව වුවද බැනුම් අහන්නේ වර්තමාන ආණ්ඩුව බවය.

කටුවාපිටියේ ප්‍රහාරයට අවශ්‍ය මූල බීජ වපුරා ඇත්තේ එනම් තවුහිද් ජමාත් සංවිධානයට ඉඩම් මුදල් ලබා දී ඇත්තේ ද ෂාරියා විශ්වවිද්‍යාලයට මුදල් ලබා දී ඇත්තේ ද පහුගිය ආණ්ඩුවේ නායකයන් බව ඔහු පවසයි.

එහෙයින් දඬුවම් කරන්නේ නම් අලගිය මුල ගිය සියලු තැන් සොයා බලා සියලු දෙනාට දඬුවම් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස