මෙරට තැනූ එන්නතක් ඉන්දියාවෙන් ගේන්න මිලියන ගණන් ගිලලා! ඇමැති චන්න මැදිහත් වී එන්නත රටේ ම නිපදවයි!

December 7, 2020 at 9:02 am | by emanisa.lk

සර්ප ප්‍රතිවිෂ එන්නත ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනගේ මැදිහත්වීමෙන් සිදුකර තිබේ.

උග්‍ර විෂ සහිත සර්පයකු දෂ්ට කළ විට රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිවිෂ එන්නත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික ගවරම්මාන ඇතුළු කණ්ඩායමක් විසින් නිපදවනු ලැබී ය.

එහෙත් මෙම එන්නත ලංකාවේ නිෂ්පාදනය නොකර දිගින් දිගට ම එය ඉන්දියාවෙන් ආනයනය කළ අතර ඒ සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 6.3ක් වැය කර තිබේ.

කෙසේ වුව ද ඇමැති චන්න ජයසුමනගේ මැදිහත්වීමෙන් මෙම එන්නත ලංකාවේ නිපදවීම ආරම්භ කිරීම සමග අදාළ ඒ වෙනුවෙන් පිට රටට ඇදී ගිය ධනස්කන්ධය රටේ ඉතිරි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස