මෘතදේහ භූමදානයට අවසර නැත්නම් අපි භාරගන්නේ නෑ! තියාගෙන කාපල්ලා…! – අසාද් සාලි….

December 28, 2020 at 4:59 pm | by emanisa.lk

කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතික මෘත දේහ භූමදානයට අවසර නො දෙන්නේ නම් එම දේහයන් බාර නොගන්නා බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.

මුස්ලිම් ජනතාව දැනටමත් එම තීරණය ගෙන ඇති බවත් මව පියා මිය ගිය ද භූමදානයට ඉඩ නොදේ නම් දේහ බාර නොගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

‘වළලන්න දෙන්නේ නැත්නම් තියාගෙන කන්න.’දැනුම් දී ඇතැයිද ඔහු පැවසීය.

ලොව පුරා රටවල් 195 භූමදානයට අවසර දෙන අතර ශ්‍රී ලංකාව පමණක් ආදාහනය කරන්නේ කුමන පදනමෙන් දැයි ඔහු ප්‍රශ්න කරයි.

මෙය දේශපාලන වශයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් යයිද ඔහු චෝදනා කළේ ය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අසාද් සාලී මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස