මැතිවරණ අවශ්‍ය ජනතාවට නොව දේශපාලකයින්ටයි…!

December 31, 2022 at 10:40 am | by emanisa.lk

ආර්ථික අර්බුදය තුළ ගිලී තිබුණු රට යම් ප්‍රමාණයකට ස්ථාවර මට්ටමකට පත්වෙමින් තිබෙන මේ අවස්ථාවේ මැතිවරණයකට වඩා අවධානය යොමු කළ යුත්තේ ජනතාවට සහන සැලසීමට බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

නව වසර වෙනුවෙන් ආශීර්වාද කරමින් වැඩි දුරටත් අදහස් දැක් වූ අනුනාහිමියන් ඇතැම් දේශපාලනඥයින්ට මැතිවරණයක අවශ්‍යතාව තිබුණත් ජනතාව එවැනි අවශ්‍යතාවකින් පසු නොවන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද අවධාරණය කරති.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජයක මැතිවරණ නිසි කලට පැවැත් වීම පාලකයින්ගේ වගකීම වුවත් දෙවසරක පමණ කාලයක් තිස්සේ අන්ත දුක්විඳි ජනතාවට පළමුව හොඳින් ජීවත් වීමට අවශ්‍යය පසුබිම සැකසීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යය බව ද උන් වහන්සේ සඳහන් කළහ.

රට යම් ප්‍රමාණයකට ස්ථාවර වන තෙක් සියලු දේශපාලන පක්ෂ නායකයන් පොදු එකඟතාවකට පැමිණ කටයුතු කර පසුව මැතිවරණයකට යාම සුදුසු යැයිද උපාලි නාහිමියෝ පවසති.

පැවැති ප්‍රශ්න යම් ප්‍රමාණයකට පාලනය වී රට ස්ථාවරත්වට පැමිණෙමින් තිබෙන මෙම අවස්ථාවේ මැතිවරණයකට යාමෙන් සිදුවන්නේ අලුතින් ප්‍රශ්න නිර්මාණය වීම බවත් මෙම යථාර්ථය සියලු පක්ෂ නායකයන් තේරුම් ගැනීම වැදගත් බවත් අනුනාහිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *