මාලිමාව බලයට එන්නේ විරෝධතාවලට බේත් දෙන්නත් බලාගෙන…! – ලාල්කාන්ත…

December 3, 2023 at 10:56 am | by emanisa.lk

මේ රටේ ජනතාව අති බහුතරයක් දැන් නම් මේ ක්‍රමය වෙනස් කළ යුතුය යන මතයට පැමිණ ඇතැයි ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එලෙස බලය ගත් විට ජාතික ජන බලවේගය ප්‍රාතිහාර්ය පා රට ගොඩනඟනු ඇතැයි සිතන පිරිස බලාපොරොත්තු සුන්ව නැවත අරගල කරනු ඇති බවයි.

ඒ නිසා ලෙනින් ද සඳහන් කොට ඇති පරිදි මාලිමාව බලයට පත්වූ පසු සමාජ ප්‍රතිවිරෝධය ගැටුම සිය ලක්ෂ වාරයකින් වැඩි වනු ඇති බව ද ලාල්කාන්ත පෙන්වා දෙයි.

රාජ්‍ය බලය ඇත්තේ ඒ විරෝධතාවලට මුහුණ දීමට බවත් ජනතාව තමන්ට බලය දෙන්නේ ඒ සඳහා මුහුණ දීමටත් එක්ක බවත් ඔහු සඳහන් කළේ, youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *