මාලිමා ආණ්ඩුව හොරකම් නොකරයි කියලා මට සහතික දෙන්න බෑ..! ්- ආචාර්ය හරිනි අමරසූරිය…

September 3, 2023 at 5:11 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අවුරුදු 2-3ක් ඇතුළත රට යම් ස්ථාවර තැනකට ගෙන යා හැකි බව තමා විශ්වාස කරන්නේ යැයි එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසයි.

එහෙත් රට දියුණු කිරීම සඳහා වසර 5-8ක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඇය අනුමාන කරයි.

ජාතික ජනබලවේගයට තමන් එකතු වූයේ හොරකමට වංචාවට දූෂණයට එරෙහිව වුව ද සිය ආණ්ඩුවක් යටතේ එහි නායකයින් හොරකම් නොකරනු ඇති බවට තමන්ට සහතිකයක් ලබා දිය නොහැකි බවයි, හරිනි අමරසූරිය සඳහන් කළේ.

අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළේ, මෙතෙක් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කොට නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *