මාධ්‍යවේදීන්ට පහර දුන්නේ ගෝඨා කියන්නැයි CIDයේ නිශාන්ත කන්දප්පා බලපෑම් කළා! – යුද හමුදා බුද්ධි නිලධාරියෙක් ජනපති කොමිසමේදී හෙළි කරයි…

July 21, 2020 at 9:55 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි මාධ්‍යවේදීන්ට පහරදුන් බවට ප්‍රකාශයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට දැනට පළා ගොස් ඇති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තමන්ට බලපෑම් කළ බව යුද හමුදා සන්නද්ධ බළකායේ බුද්ධි නිලධාරී ලුතිනන් කර්නල්වරයෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (20) ප්‍රකාශ කළේය.

දැනට තමන් යුද හමුදාවේ සක්‍රීය බුද්ධි නිලධාරියකු ලෙස සේවය කරන බැවින් නම හෝ ඡායාරූපය මාධ්‍යවල පළ නොකරන ලෙස ඉල්ලමින් හෙතෙම සාක්ෂි දුන්නේය.

මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් පැවති රජය (2015ට පෙර) දන්නා බවත්, එම රජයේ දේශපාලනඥයන් සම්බන්ධ බවටත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදුකළ බවටත් ප්‍රකාශ කරන ලෙස නිශාන්ත ද සිල්වා මහතා බලකිරීමක් කළ බවද පැවැසීය.

පහරකෑවේ කුමන මාධ්‍යවේදියාද? පහර දුන්නේ කවුරුන් විසින්ද, කවදා සිදුවූවක්ද යන්න සඳහන් නොකර එවන් සාවද්‍ය ප්‍රකාශයක් ලබා නොදීම පාදක කර ගනිමින් තමන් දේශපාලන පළිගැනීමකට ලක්කර ඇති බවට බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විනිසුරු චන්ද්‍රා ප්‍රනාන්දු හා විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්වරුන් ඉදිරියේ මේ සාක්ෂි විමසීය.

එල්.ටී.ටී.ඊ. යුද සමයේදී 55 වන සේනාංකයට අනුයුක්ත ක්‍රියාන්විත රාජකාරියේ නිරත තමන් පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන් හා ඔහුගේ ගෝලයින් පිළිබඳවද 2011 වසරේදී විමර්ශන කළ බවත් කිසිදු චෝදනාවක් විනය පරීක්ෂණයක් නොතිබූ තමන්ගේ සේවය සාවද්‍ය කරුණු පටළවා නඩු පවරා අත්හිටුවූ බවත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස