මළ ගෙදරට ජන ගඟක්…! නිරෝධායන නීති නොතකයි…! අවමඟුල් පොකුරක් මතු වන ලකුණු…!

September 5, 2021 at 6:09 pm | by emanisa.lk

නිරෝධායන නීති උල්ලංගනය කරමින් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්  සිදුකොට ඇතැයි යාපනය සෞඛ්‍ය අංශ පවසයි.

අච්චුවේලි ප්‍රදේශයේ වෙල්යායක දී පසුගිය 02 වැනිදා අකුණුසර වැදී අදාල පුද්ගලයා මියගොස් සිටි අතර ඔහුගේ දේහයේ අවසන් කටයුතු හින්දු චාරිත්‍ර අනුව  සිදුකෙරිණි.

එලෙස මියගොස් ඇත්තේ යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි තිදරු පියකි.

මියගිය පුද්ගලයාගේ දේහය රන්සිළු ගෙයක් නිර්මාණය කොට ආදාහනය සඳහා සුසාන භූමිය වෙත රැගෙන යාමත් බෙර වයා රැගෙන යාමද අච්චුවේලි ප්‍රදේශවාසීන් සිදු කර ඇත.

දේහයේ අවසන් කටයුතු සඳහා නිරෝධායන නීති උල්ලංගනය කරමින් අච්චුවේලි ප්‍රදේශයේ පුද්ගලයින් 600කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා ඇතැයි සෞඛ්‍ය අංශ පැවසීය.

අවම සෞඛ්‍ය මාර්ගෝපදේශ හෝ අනුගමනය නොකරමින් මෙම අවමංගල්‍ය වැඩසටහන පවත්වා ඇති බවත් එය යාපනය ජනයාගේ සෞඛ්‍ය තත්වයට දැඩි අවධානමක් බව ද යාපනය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.

යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසීමේදී එහි නිලධාරියකු පැවසූයේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයාබැලීම් සිදුකරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස