මහ ඡන්දෙන් ජනතාව සජිත්ගේ ආණ්ඩුවක් හදනවා! ඊට පස්සේ ගෝඨා නමට විතරක් ජනපති විලයම් ගොපල්ලව වගේ! – වෙල්ගම

June 22, 2020 at 11:48 am | by emanisa.lk

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රටේ ජනතාව බලය ලබා නොදෙන බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

එන මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවන බවත් එතැන් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටිනු ඇත්තේ විලියම් ගොපල්ලව ජනාධිපති මෙන් යයිද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් රට ජාතිවාදීව බෙඳී ගිය බවත් ඒ සඳහා හිටපු ජනාධිපති පමණක් නොව ඊළඟට පැමිණි ජනාධිපති ද වගකිව යුතුව ඇති බව වෙල්ගම සඳහන් කළේය.

නිදාසිටි ගෝඨාභය රාජපක්ෂ අවදි වූයේ සහරාන්ගේ බෝම්බෙන් පසුව බවත් ඒ අනුව කල්පනා කර බලන විට කුමන්ත්‍රණය කාගේදැයි පැහැදිලිව තේරුම් ගත හැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස