මම නිවැරදියි…! ජනාධිපති මට දොස් කිව්වේ වැරදි දත්ත මත පදනම් වෙලා…! – PUCSL සභාපති…

December 10, 2022 at 8:10 pm | by emanisa.lk

රටේ ජනාධිපතිවරයා කොමිසමක සභාපතිවරයෙකුට අභියෝග නොකළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

එය ජනාධිපතිවරයෙකුට තරම් නොවන ක්‍රියාවක් බවයි, ජනක රත්නායක සඳහන් කළේ.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලකයින් සහ ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබා දී ඇති බවයි.

ජනාධිපතිවරයා තමන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශය එම වැරදි දත්ත මත පදනම්ව කළ එකක් බව ද ජනක රත්නායක සඳහන් කළේය.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *