“මම අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාවයි!” – ජලනි ප්‍රේමදාස දේශපාලන වේදිකාවට නැඟ වේලාසනම ආර්යා ඇඳුමත් අඳී.. (video)

July 13, 2019 at 10:31 pm | by emanisa.lk

තමා අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව බව ජලනි ප්‍රේමදාස පවසයි.

ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ජලනි ප්‍රේමදාස අද(13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදී මෙම අදහස් ප්‍රකාශ කළාය.

මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්යාව වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට වැඩ කිරීමට කැප වී කටයුතු කරන බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

ඔබ සියලු දෙනා බලාපොරොත්තු ඇති කරගෙන සිටින අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස තමා මෙම ස්ථානයට පැමිණි බව ද ඇය සඳහන් කළාය.

සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇමති ධුරයකට සීමා නොවී කොළඹට සීමා නොවී ජනතාව සමග සිටින නායකයකු බවත් එතුමාට ජනතාවගේ උපරිම සහාය ලබා දෙන ලෙසත් එතුමා ආරක්ෂා කර ගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස