තමා බුද්ධත්වයට පත්ව නැති බවත් මේ රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වීමේ සිහිනයක් තමන්ට ද ඇති බවත් ඇමති රාජිත සේනාරත්න පවසයි.
සියලු දෙනාගේ බලාපොරොත්තුව තමා සිටින තැන සිට ඉහළට යාම බවත් ඇමතිවරයා පවසයි.
එය සාමාන්‍ය සිතිවිල්ලක් බවත් තමන්ට ද ඇමති ධුරයේ සිට අගමැති ජනපති ධුරවලට යාමේ බලාපොරොත්තුවක් ඇති බවත් ඇමතිවරයා පවසයි.
සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව පවසා තිබිණි.