මන්ත්‍රී වාහන ගෙන්වීමෙන් මූලික අයිතිය උල්ලංඝනය වුණා…! – ජවිපෙ උසාවියට..

June 17, 2021 at 5:04 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී කැබ් රථ 227ක් ආනයනය කිරීමේ තීන්දුව නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මෙම පෙත්සම අද (17) ගොනු කළේ ය.

මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු 31දෙනෙකු මෙම පෙත්සම මගින් විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

මන්ත්‍රී වාහන ගෙන්වීමේ තීන්දුව කල් දමා ඇති බවට රජය ප්‍රකාශ කර ඇති පසුබිමක මෙම පෙත්සම ඉදිරිපත් වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *