මන්ත්‍රී ධුර නැත්නම් මනාප ගණින්නේ නෑ! – මැකොස

August 6, 2020 at 9:06 am | by emanisa.lk

 

යම් මැතිවරණ කොට්ඨාශයක් සඳහා යම් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින්  මන්ත්‍රිවරයෙකු තේරීපත් වී නොමැති නම් මනාප ගණනය සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මනාප ගණන් කෙරෙන අවස්ථාවේ අදාළ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් හට ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන්ගේ දැනුම්දීම අනුව එම ශාලාවට පිවිසිය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තේරීම්භාර නිලධාරියා විසින් මන්ත්‍රිධුර හිමි පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම් ප්‍රකාශයට පත්කළ පසු මන්ත්‍රිධුර හිමි නොවූ සියලූම පක්ෂ හෝ කණ්ඩායම්වල නියෝජිතයින් ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයෙන් ඉවත්විය යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස