මද්රාසා සහ අරාබි පාසල් සියල්ල නීති විරෝධියි! ඒ නිසා මද්රාසා පාසල් සියල්ල තහනම් කළ යුතුයි! ආණඩුව ඒවා නීතිගත කරන්න හැදුවොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා! – බන්දුල ගුණවර්ධන (video))

May 26, 2019 at 10:44 pm | by admin

රට පුරා ආරම්භ කර ඇති දෙදහසක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වන මද්රාසා පාසල් නීති විරෝධී බවත් එහෙයින් එම පාසල් වහාම තහනම් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

සියලුම දරුවන්නට අධ්‍යාපනය ලබාදීමේ සම්පූර්ණ වගකීම රජය සතු වන හෙයින් ප්‍රකෘර්ත පාඨශාල පනත යටතේ අවුරුදු 5-14 අතර දරුවෙකුට අධ්‍යාපනය ලබාදීම සඳහා පාඨශාලවක් පවත්වා ගෙන යාමේ අයිතිය රජයට පමණක් හිමි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රජය හැර කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට පාඨශාලාවක් පවත්වා ගෙන යා නොහැකි අතර රට පුරා පැතිර පවතින දෙදහසක් හෝ ඊට වැඩි මද්රාසා පාසල් සියල්ල නීති විරෝධී වෙයි.

එහෙයින් රජය කළ යුත්තේ නීති විරෝධිව ආරම්භ කර ඇති මද්‍රසා පාසල් සහ ආරබි පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන නීතිගත කිරීම නොව වහාම ඒ සියල්ල තහනම් කිරීම යැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කෙසේ වුවද මෙම නීති විරෝධී මද්රාසා ඉදිරි සතිය තුළ නීතිගත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් එසේ කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තමන් සූදානම් බවත් බන්දුල ගුණවර්ධන අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස