මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙනවාමයි! ජනපති දැඩි තීන්දුවක….

June 29, 2019 at 11:33 am | by emanisa.lk

මත්ද්‍රව්‍ය ජාවාරම් කකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කුමන විරෝධතා එල්ල වුවද ආපස්සට නොගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. ජාවාරම්කරුවන්හතර දෙනෙකු එල්ලා මැරීමේ තීරණය ඉදිරි සති දෙක ඇතුළත ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් සන්ධයෙන් මරණ දඬුවම නියම වී සිරගතව සිටින පිරිස අතරින් ප්‍රධාන පෙලේ තිදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ලේඛනයට ජනාධිපතිවරයා ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය යෙදී තිබුණු ඉකුත් 26 වනදා අත්සන් කර තිබුණි.

ඔවුන් සිව් දෙනාටමරණ දඬ දඬුවම ක්‍රියාත්මක කරන දිනය ද තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි සතිය තුළදී ක්‍රියාත්මක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ එඑම තීරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් ද විරෝධතා රැසක් මේ වනවිට එල්ල වී තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේ විදේශීය කටයුතු අමාත්‍යංශය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ පැවති එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවායේ සැසිවාරය ට දුන් පොරොන්දුව කැඩීමක් බව යුරෝපා සංගමය නිවේදනය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ත්‍රස්තවාදය මර්දනට්ටමේ කිහිපයක් තුළ නීති බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ෂ්කර බවබව ධාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය මගින් කියා තිබිණි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයය ද කියා තිබුණේ මරණ දඩුවම් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය වහා නැවැතිය යුතු බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බව ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවද තීරණයේ වෙනසක් කිරීමට ජනාධිපතිවරයා අදහස් නොකරන බව ආරංචි මාර්ග වලින් පැවසේ.

LLN

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස