මට ජනාධිපතිතුමා ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කියලා දැන්වුවා!-පොලිස්පති

June 6, 2019 at 3:00 pm | by emanisa.lk

ආරක්ෂක මණ්ඩලයට පසුගිය ඔක්තෝබර් 23න් පසු තමා නොකැඳවූ බව දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද(06) පැවසීය.

පූජිත ජයසුන්දර මහතා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයට ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වූ අවස්ථාවේදීය.

ආරක්ෂක මණ්ඩලයට තමාගේ සහභාගීත්වය අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා පැවසූ බව එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කපිල වෛද්‍යවරත්න මහතා දැනුම් දුන්නේ යැයි පොලිස්පතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව