මගේ පක්ෂයට වගේම රටටත් රනිල් හොඳටම ඇති! පොඩි මිනිහගේ දුක හඳුනන නායකයෙක් ඕන! – අජිත් පී.

June 14, 2019 at 11:44 am | by emanisa.lk

රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද නව නායකත්වයක් අවශ්‍ය බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසයි.

කලුතර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ඊළඟ ජනාධිපතිවරණය කවුරු වාර්තා කළත් මේ රටේ ජනතාවගේ මතයට අනුව මේ රට පාලනය කළ හැකි ඒ සඳහා උනන්දුවක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන, මිනී නොමරන, දූෂණයට නැති තරුණ පරම්පරාවේ උගත් නායකයෙක් මේ රටේ ජනාධිපති වෙන්න ඕනෙ.

තාමත් මේ රටේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක්. 19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වුණේ නෑ.මහා විශාල බලතල ප්‍රමාණයක් ජනාධිපති ධුරය වටා එක් රොක් වී තිබෙනවා.

මේ රටට ඕනෙ අලුත් නායකයෙක්. තරුණ, ජවසම්පන්න උගත් නායකයෙක්. මේ රටට ඕනෙ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, මනුෂ්‍ය නිදහස ගරු කරන,  දුප්පත් මිනිසාගේ වේදනාව තේරුම් ගත හැකි, පොඩි මිනිසාගේ, මධ්‍යම පාන්තිකයාගේ ප්‍රශ්න පිළිබඳව කැක්කුමක් තියෙන වේදනාවක් තියෙන අලුත් නායකයෙක්.

ආණ්ඩුවට, ජනාධිපති ධුරයට විතරක් නෙවේ මගේ පක්ෂයටත් දැන් අලුත් නායකයෙක් ඕනෙ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස