මගේ නිවසට පැන්නේ හොරකමට නෙමේ! මාව ඝාතනය කරන්න නැත්නම් බිය ගන්වන්න! – වෙල්ගම

October 22, 2019 at 11:48 pm | by emanisa.lk

පසුගියදා සිය නිවසේ නිදන කාමරයේ ජනේලය කඩා කිසිවකු නිවසට ඇතුළු වී ඇත්තේ සොරකමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

හොරෙකු නිවසට පැමිණියේ නම් තමන්ගේ වටිනා කියන බඩු භාණ්ඩ රැගෙන යා යුතු වුවත් නිවසේ කිසිම භාණ්ඩයක් නැති වී නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

ඒ අනුව අදාළ පුද්ගලයා තමන්ගේ නිවසට පැන ඇත්තේ තමා බිය ගැන්වීමට හෝ මරා දැමීමට බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. කෙසේ වුවද මෙම සිද්ධිය වන දින ඔහු සිට ඇත්තේ නුවරඑළියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස