මං වගේ කැපවීමෙන් වැඩ කළොත් රට ගොඩගන්න පුළුවන්…! – දුමින්ද..

October 26, 2021 at 9:55 am | by emanisa.lk

කාබනික පොහොර එපා වස දියවු කියන තැනට ගොවි ජනතාව පත්ව ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා පවසයි.

ගොවි ජනතාව මේ තත්ත්වයට පත්කර ඇත්තේ එජාප, සජබ සහ ජවිපෙ කණ්ඩායම්වල උසිගැන්වීම් නිසා බවට ද හෙතෙම චෝදනා කරයි.

රටේ ප්‍රශ්න ඇති බවත් ඒ ප්‍රශ්නවලින් රට ගොඩගත යුතු බවත් දුමින්ද සිල්වා සඳහන් කරයි.

ජනාධිතිවරයාගේ ඉලක්කය ජනතාව කාබනික ගොවිතැනට හුරු කර ඔවුන් ගොඩගැනීම බව ද ඔහු පෙන්වා දෙයි.

රටක් ගොඩ ගැනීමට නම් ජනතාව කැපවීමෙන් වැඩ කළ යුතු බවත් තමා උදෑසන 7.30ට කාර්යාලයට පැමිණ රාත්‍රී 9.30 පමණ වන තුරු වැඩ කළ ද එහි නිලධාරීන් හවස හතර වන විට ගෙදර යන බවත් දුමින්ද සිල්වා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *