මං අගමැති වෙන්න ලෑස්තියි…! අගමැතිකම එපා කීවේ නෑ…! – සජිත්ගෙන් ජනපතිට තව ලිපියක්…

May 14, 2022 at 6:35 am | by emanisa.lk

ජනතාවගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවට සහ අවම වශයෙන් එසේ ඉවත් වන නිශ්චිත කාලසීමාවක් හෝ ප්‍රකාශයට පත් කළ යුතු බවට කොන්දේසි ඉදිරිපත් කළා විනා තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැයි 12 වන දින එවන ලද ලිපියට පිළිතුරු ලිපියක් යවමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියෝජිතයින් සහ තම නියෝජිතයින් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සහ සිහිපත් කිරීමක් සජිත් ප්‍රේමදාස සිය ලිපියෙන් දක්වා ඇත.

එමෙන්ම ජන මතයට පිටින් දැනටමත් පිහිටුවීමට යන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගයේ කිසිවෙකුත් සහභාගී නොවන බව ද ලිපියෙන් අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *