ලංකා හොස්පිට්ල් ඉස්ලාම් මූලධර්මවාදී තිප්පොළක් වෙයි!

July 14, 2019 at 8:21 pm | by emanisa.lk

ඇමති මංගල සමරවීර සිය තනි කැමැත්තට ලංකා හොස්පිට්ල් ආයතනයේ සභාපති ධුරයට තම අන්තේවාසිකයකු වන සිද්දික් මොහොමඩ් පාරුක් නැමැත්තකු පත්කිරීම සමග එම ආයතනය ඉස්ලාම් මූලධර්මවාදී තිප්පොළක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා රජයට අයත් ලාභ ලබන ආයතනයක් වන ලංකා හොස්පිට්ල් මංගල සමරවීර මුදල් අමාත්‍ය ධුරයට පත්වීමත් සමග ඔහු යටතට පත් වූ අතර ගුවන් විදුලි සංස්ථාව ඉතිහාසයේ අඳුරුතම යුගයට ඇද දැමූ සිද්දික් මොහොමඩ් නම් සභාපතිවරයා අනතුරුව ලංකා හොස්පිට්ල්හි සභාපති ධුරයට පත් කෙරිණි.

තමා සභාපති ධුරය ඉසිලු මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ ගුවන් විදුලි සංස්ථාවේ මුල් පුටු මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරවීමට ද දෙමළ සේවය මුස්ලිම් ආධිපත්‍යයට නතු කිරීමට ද කටයුතු කළේ මොහුය.

එකල මුස්ලිම් අන්තවාදී වැඩසටහන් ප්‍රචාය කරන බවට මුස්ලිම් සමාජයෙන්ම ගුවන්විදුලියට චෝදනා නැඟිණි. බෞද්ධ හින්දු ආගමික වැඩසටහන් කපා දැමීම, ඉස්ලාම් ආගමික වැඩසටහන්වලට ප්‍රමුඛතාව ලබා දීම පිළිබඳ සිද්දික් පාරුක්ට බරපතළ චෝදනා එල්ල වූ අතර අවසානයේ සේවක හූ හඬ මැද ආයතනයෙන් පළා යාමට ඔහුට සිදුවිය.

එදා ගුවන්විදුලි සංස්ථාවේ සිදුකළ මුස්ලිම් මූලධර්මවාදී අකටයුතු ඒ ආකාරයෙන්ම ලංකා හොස්පිට්ල්හි ද ක්‍රියාත්මක කිරීමට ඔහු කටයුතු යොදමින් තිබේ.

අරාබි ඇඳුමින් සැරසුණු රෝගීන් පරික්ෂාවට පමණක් නොව සිද්දික් තමා විසින් අලුතින් බඳවා ගත් රොෂානා ෂාහිඩ් නම් වෛද්‍යවරියට ලංකාවේ නීතියෙන් තහනම් කර ඇති හිජාබය ඇඳ සේවය කිරීමට ද ඔහු අවස්ථාව ලබා දී ඇත. ඒ සඳහා රෝහලේ 5 වන මහලේ වෙනම කොටසක් රෝහලේ වියදමින් ඉදිකිරීම ද මේ වන විට සිදුවෙමින් පවතියි.

මෙසේ එක් මුස්ලිම් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු පිළිබඳ රටේ මහත් ආන්දෝලනයක් මතුව ඇති පසුබිමක මෙවැනි පත්වීම් සිදුකිරීම සහ අන්තවාදයට අනුබල දෙන පරිසරයක් රාජ්‍ය ආයතන තුළ ගොඩනැඟීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස