භික්ෂූන්ට කැම්පස් ගිහින් සිවුරු ඇරලා උපාධි ගන්න දෙන්න බෑ…! – ජනපති…

November 29, 2022 at 4:28 pm | by emanisa.lk

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානයකට සම්බන්ධ එක්තරා භික්ෂූ නමක් මල්වතු අස්ගිරි නායක හිමිවරුන්ට අපහාස කරනු තමන් දුටු බවත් ඔවුන් එසේ හැසිරීමට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සිවුරු හැඳගත් වෛතුල්‍යවාදීන්ට බුදු දහම කෙළෙසීමට ඉඩදිය නොහකි බවත් ඒ සඳහා නව කෙටුම්පත් සකස් කර ඔවුන් පාලනය කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. පෙර රජ දවස භික්ෂූන් වහන්සේලා රජතුමා විසින් පාලනය කළ බවත් සමහර දුශ්ශීල භික්ෂූන්ට මහා පරාක්‍රමබාහු රජතුමා මරණ දඬුවම පැනවූ බවත් හෙතෙම සඳහන් කරයි.

විශ්වවිද්‍යාලයට පැවිද්දෙකු ලෙස එන සමහරු ගිහියන් ලෙස ඉන් පිටවන බවත් මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා ඉදිරියේ දී නීති සම්පාදනය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි. ඉදිරියේ දී පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පැමිණෙන අයෙකුට උපාධි සහතිකය ලබා දෙන්නේ ද එම නමින් ම බවයි, ඔහු ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස