බෞද්ධයන් මුස්ලිම් ප්‍රජාවට හිංසාකරනවා! රජය මැදිහත් වී වහාම නතර කරනු! – හියුමන් රයිට් වොච්

July 4, 2019 at 6:30 pm | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයට පසුව, මෙරට ජීවත්වන මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල බෞද්ධ ප‍්‍රජාවගෙන් හිරිහැර සිදුවන බවත්, එම හිරිහැර වැළැක්වීමට රජය කටයුතු කළ යුතු බවත් හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

එමෙන්ම, ත‍්‍රස්තවාදී කි‍්‍රයාවල නිරත වූ බවට කිසිදු සාක්ෂියක් නැතිව පවා, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුස්ලිම් ජාතිකයන් බොහෝ ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බව පවසන හියුමන්රයිට් වොච් සංවිධානය, ඇතැම් මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුරානයක් ළඟ තබා ගැනීමේ වරදට බවද පවසයි.

මුස්ලිම් ජන වර්ගයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම රජයේ වගකීම වුවත්, රජයට සම්බන්ධ ඇතැම් මහජන නියෝජිතයන් ජාතිවාදී බලවේග සමඟ එක්ව මුස්ලිම් ජාතිකයන් පීඩාවට පත් කිරීම කනගාටුදායක බවද ඔවුහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස