ලංකාවේ මුස්ලිම් සරණාගතයන් 1600ක් ඉන්නවා! එම පිරිස ආරක්ෂා කරගන්න බැරිවීම ගැන අපි ලැජ්ජ වෙන්න ඕන! – ඇන්තනී ජෙසුදාසන්

May 30, 2019 at 4:19 pm | by admin

පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා යේමනය යන රටවල්වල පැවති ප්‍රචණ්ඩකාරී තත්වයන් තුල එරට සාමාන්‍ය ජනතාවට තිබු ජීවිත තර්ජන මැද මෙරටට පැමිණි සරණාගතයින් 1600ක ප්‍රමාණයක් පාස්කු ප්‍රහාරයත් සමඟ ඔවුන් හට නැවතත් මේ රට තුළදීත්, ජීවිත තර්ජන එල්ල වීම නිසා නිවාස අහිමිව අවතැන්ව ඇත. රාජ්‍යක් වශයෙන් ශ්‍රී ලංකාවට මෙම සරණාගතයින් හට තවමත් ආරක්‍ෂිතව වාසය කිරීම සඳහා අවශ්‍ය වටාපිටාව සලසා දීමට අපොහොසත්වීම ඉතාමත් ලැජ්ජාවට කරුණක්, බව මානව හිමිකම් ක්‍රියාධර ඇන්තනී ජෙසුදාසන් මහතා පවසයි.

ඒ ඊයේ (29) “වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව” (SLCAT) විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය…

“පසුගිය යුධ සමයේ මෙරටින් විශාල පිරිසක් වෙනත් රටවලට ගියා. ඒ රටවලින් අපේ මිනිස්සුන්ව ඉතා ආදරෙන් පිළිගත්තා. ඔවුන්ට අපේ මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය වටාපිටාව සලසා දුන්නා. නමුත් තවමත් මෙරටට පැමිණි 1600 ක් පිරිස මීගමුව පොලීසියේ පෙරියමුල්ල දේවස්ථානයක හා පස්යාල ප්‍රදේශයේ ස්ථානයක ඉතාමත් අවම පහසුකම් යටතේ රැඳී ඉන්නවා. එක අතකින් මේක හිංසාවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *