බොරු චෝදනා කළොත් අවුරුදු 10ක් හිරේ දැමීම දූෂණ මර්දනයට බාධාවක්…! – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්….

April 13, 2023 at 10:53 am | by emanisa.lk

තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින පුද්ගලයන්ගේ එම ප්‍රකාශන ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඕනෑම අයෙකුට පරීක්ෂා කිරීමේ හැකියාව යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත මගින් සලසා ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

නව නීතිය මගින් මෙරට ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය ද වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුුතු බවට එහි වගන්ති ඇතුළත් කර ඇතැයි ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ පර්යේෂණ අංශයේ කළමනාකාර ජනිත්‍රිකා ජයසුන්දර සඳහන් කරයි.

“යෝජිත දූෂණ විරෝධී කෙටුම්පතේ සාධනීය වෙනසක්ම් කිහිපයක්ම තියෙනවා. මේ නීතිය අදාළ වන සියලුම දෙනා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන දිය යුත්තේ අල්ලස් කොමිසමට. ඒ වගේ ම එම ප්‍රකාශන මේ නීතියට අනුව යම්කිසි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සංවේදී තොරුතුර ඉවත්කරලා ජනතාවට පිවිසෙන්න පුළුවන් විදිහට එම පද්ධතියට ඇතුළත් කරනවා.

මේක ඉතා ප්‍රගතිශීලි වෙනසක්. ඒ වගේම තමයි මේ වත්කම් බැරකම් නීතිය වෙනස් වෙනකොට ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරියත් මෙයට ඇතුළත් කරලා තියෙනවා. මේ යෝජිති පනත් කෙටුම්පත හරහා අල්ලස් කොමිසමට වැඩිපුර විමර්ශන බලතල දීලා තියෙනවා.

ප්‍රධාන ගැටලු දෙකක් දකිනවා. මෙම නීතියේ තිබෙන වගන්ති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සහ සියලුම අනෙක් ලිඛිත නීති අබිබවා යන ප්‍රවණතාවක් අපි දකිනවා. දෙවන කාරණාව තමයි අපට තිබෙන ප්‍රධානතම ගැටලුව 119 කියන වගන්තිය..

යම් අයෙක් අසත්‍ය චෝදනාවක් බව දැන දැන පැමිණිල්ලක් සිදු කළොත්, එය ඔප්පු වුණොත් අධිකරණයේදී. රුපියල් මිලියනයක් දක්වා දඩයකට යටත් වෙනවා. ඒ වගේම වසර 10ක් දක්වා යන්න පුළුවන් සිරදඬුවමකට යටත් වෙනවා. ඒ වගේ වගන්තියක් තියෙන එකෙන් වෙන්නේ. මේ හරහා දූෂණයට විරුද්ධ අය අධෛර්යමත් වෙන එක.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස