බස්වල ආසන ගණනට මගීන් රැගෙන යන්න අවසර!

May 12, 2020 at 7:12 pm | by emanisa.lk

ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල  මගී ප්‍රවාහන බස්වල ආසන ගණනට මගීන් රැගෙන යාමට හෙට සිට අවසර ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කෙසේ වුවද එම අවස්ථාව හිමි වන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා පමණි. එසේම එය දිස්ත්‍රික්කවලට සීමා වෙයි.

කෙසේ වුවද ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල ජනතාවගේ හැසිරීම අපේක්ෂිත තරම් යහපත් නොවන බවය.

එම දිස්ත්‍රික්කවල ජනතාවට සිය හැඳුනුම්පත් අංක අනුුුුව නිවසින් බැහැර යා හැකිය. ⁣එහෙත් ඒ පා ගමනින් පමණි. එම ප්‍රදේශවල පෞද්ගලික වාහන භාවිතය අත්‍යවශ්‍ය සේවා සඳහා බලපත් හිමි අයට පමණක් සීමා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස