බර්ත්ඩේ පාටි දැම්ම නගරාධිපතිට නීති නෑ…! පොලිසිය අපට ගැහුවා…! මට දැන් ජීවත් වුණා ඇති….! – පියුමි හංසමාලි…

June 3, 2021 at 11:33 am | by emanisa.lk

නිරෝධායන නීති නොතකා සාදයක් පැවැත්වීම හේතුවෙන් නිරෝධායනය සඳහා යොමු කරන ලද නිරූපණ ශිල්පීන් පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ ඊයේ (02) තබන ලද සටහනක් මෙසේ ය.

“මේ වෙලාවෙ මේ රටේ තියන ලොකුම ප්‍රශ්නෙ චන්දිමාල්ගේ බර්ත්ඩේ පාටි එක ද? ඊයෙ අත් අඩංගුවට ගත්ත නම් ඊයෙම නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණනෙ. අද වෙනකං හිටියේ ඇයි?

ඊයෙ අර කුලී නාට්ටාමි චමුදිත හිරු එකට නියෝජ්‍ය පොලිස්පතිතුමාව ගෙන්නල ප්‍රශ්න කළාට පස්සෙ මේ තීරණය ගත්තෙ ඇයි?

දැන් මේ රට පාලනය කරන්නේ තුට්ටු දෙකේ මාධ්‍යවේදියෝ ද? එහෙනම් මේ රටට මොකටද ජනාධිපති කෙනෙක් ඇමති මණ්ඩලයක්?

එක පැත්තකින් අර නැව ගිලිල අවුරුදු ගාණක් යනකන් අපේ පරිසරයට වෙච්ච හානිය කවුරුත් කතා කරන්නෙ නෑ. නැවේ ප්‍රශ්නෙ හින්ද රස්සා නැති වෙච්ච ධීවරයන්ගේ ප්‍රශ්න ගැන කවුරුත් කතා කරන්නේ නෑ ..

මේ වෙලාවේ හැමෝට ම ලොකු චන්දිමාල්ගේ birthday එක. මේක මහ කරුමයක්. විකාරයක්. හිතාමතාම මේ ප්‍රශ්නෙ මෙච්චර උලුප්පන්නෙ රජයයි, හිරු ටීවී එකයි එකතුවෙලා. මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරන්න ලේසියිනෙ මෙහෙම එකක් කලාම. කාලකන්නි.

ඊයෙ මොරටුවෙ පොලිසියෙ කේක් කපපු අයටත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි? හිරු මෙගා ස්ටාර් program එකේ සිය ගණන් කොවිඩ් positive වුණා ඒ වෙලාවේ මේ නීති කොහෙද තිබුනේ..?

අනිත් එක මේ අහුවෙච්ච අපේ කට්ටියගෙ PCR කරලත් නෑ .. තමන් නිරෝධායනය වෙන තැන තීරණය කරන්න අපට අයිතියක් නැද්ද..?

සල්ලි තියෙනව නම් ගෙවන්න පුළුවන් නම් ඒගොල්ලො ඉල්ලද්දි කොළඹ නිරෝධානය වෙන්න නොදුන්නේ ඇයි..?

එක ම රටක් උනාට නීතිය සමානව ක්‍රියාත්මක වෙන්නේ නෑ. තව උදාහරණ මොකටද.. ලැජ්ජයි

මේ වෙලාවෙ මේ බර්ත්ඩේ පාටිය ද ලොකු ම ප්‍රශ්නෙ? රටේ මිනිස්සු අසරණ වෙල… කන්න බොන්න නෑ. ධීවරයො අසරණ වෙලා. රස්සාවල් නෑ

එතකොට මේ අපි විසිදෙනෙක් විතර රජයෙ වියදමෙන් බණ්ඩාරවෙල යවන එක ද කරන්න තියෙන ලොකුම දේ..?

අසරණ මිනිස්සු කොවිඩ් positive වෙලා කාගෙවත් හව් හරනක් නැතුව ගෙවල් ඇතුලෙ මැරිල යනවා. එච්චර ප්‍රශ්න ගොඩක් තියෙන මේ රටේ ලොකුම ප්‍රශ්නෙ චන්දිමාල් ද?

මේක මෙච්චර කෙලියක් වෙනවනම් ඇයි ශ්‍රැන්ග්‍රිලා එකේ මැනේජ්මන්ට් එක මේ වගෙ එකකට අවසර දුන්නෙ? ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන එකට වඩා අපි ටිකදෙනා නිරෝධායනය කරන එකනෙ ලොකු වුණේ. අපි වැරැද්දක් කළා අපි ඒක පිලිගත්ත ගරු අධිකරණයෙන් ඇප ලැබුණා. ඒක ඉවරවෙල තියෙද්දි ආයෙත් මේක අවුස්සපු කාලකන්නි හිරු උඹලට හොඳක් වෙන්නෙ නෑ ..ආණ්ඩුව නෙමෙයි රට පාලනය කරන්නෙ කාලකන්නි මාධ්‍යවේදියො

ගෑනු අයව පවා සත්තු වගේ මේ වාහනේ යන්නෙ. එකම ඇඳුම ඇඳ ගෙන දවස් දෙකක් තිස්සෙ මේ අය ඉන්නෙ. අනික පොඩි ළමයි ඉන්න පවුල් නඩත්තු කරන අය මේ ඉන්නෙ.. ඒ මිනිස්සුන්ගෙ මානසිකත්වය කොහොම ඇද්ද..?

ඔක්කොමත් හරි මෙතන ඉන්න අයට පොලිසියෙන් ගහලත් තිබුන. පොලිසිය කොහොමද එහෙම කරන්නෙ..? මොකක්ද එහෙම කරන්න තියන නීතිය..?

තමන්ට කොවිඩ් positive කියලා කියල දැනගත්ත මිනිස්සු ගිහිල්ලා හෝටල් අරගෙන නිරෝධායනය වෙනවා. එහෙම එකේ මේ මිනිස්සුන්ට ඒ අයිතිය වත් දුන්නේ නැත්තේ ඇයි?

දැන් නම් මේ රටේ ජීවත් වුණත් ඇති කියලා හිතෙනවා. ඒ තරම් කලකිරීමක් මේ වෙන දෙවල් එක්ක හිතට දැනෙන්නෙ.

~පියුමි හංසමාලි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *