කුරුණෑගල නගරාධිපතිට පොලිසියෙන් උපන් දින පාටියක්….!

May 31, 2021 at 7:55 am | by emanisa.lk

කුරණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය ඊයේ (30) සමරා ඇතැයි වාර්තා වෙයි.

එය කුරුණෑගල කිසියම් විහාරස්ථානයක සංවිධානය කර ඇති අතර ස්වාමීන් වහන්සේලා සෙත් පිරිත් සඣ්ජායනා කරමින් ආශීර්වාද කළහ.

මේ දිනවල නිරෝධායන නීති නොතකා සංවිධානය කරන උත්සව වැටලීමට කටයුතු කරන පොලිසිය විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් උපන් දින කේක් ගෙඩිය ලබා දීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට කුරුණෑගල මූලස්ථාන පොලිස් අධිකාරිවරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයා ද සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *