බදියුදීන්ලාට චෝදනා නැගෙද්දී ඍජුව එකමුතුව නැඟී සිටි කබීර් යළි ඇමතිකම ගතයුතුයි!

June 17, 2019 at 11:04 am | by emanisa.lk

මුස්ලිම් සමාජයේ එකමුතු බව වෙනුවෙන් ඉල්ලා අස්වූ කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තම සහෝදර මුස්ලිම් ඇමතිවරුන් වෛරී අපවාදයන්ට ලක්වෙද්දී කබීර් හෂීම් ඇමතිවරයා ඊට එරෙහිව ඍජුව නැඟී සිටි බවත් ඔහු සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස්වල විශ්වාසය දිනාගත් නායකයකු බවත් 2010 එජාපය ආසන 60කට සීමා වෙද්දී පවා කබීර් ජයග්‍රහණය කළ බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස