බණ්ඩාරගමින් නැවතත් කොරෝනා පොකුරක්! අටළුගම නැවතත් අගුළු දමයි!

November 21, 2020 at 12:05 pm | by emanisa.lk

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් අටළුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා ආසාධිතයින් 17 දෙනෙකු හමුවීමත් සමඟ ම එම ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර හුදෙකලා කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඒ සමඟ ම අටළුගමින් ආසාධිත රෝගීන් 22ක් වාර්තා වන අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ සමස්ත රෝගී සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *