පෞද්ගලික අරමුණු පසෙක ලා ව්‍යවස්ථා වෙනසට දායකවෙන්න! – අගමැති

August 26, 2020 at 10:36 am | by emanisa.lk

සියලු පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙක ලා ජනතාව අපේක්‍ෂා කරන ව්‍යවස්ථා වෙනසකට දායක වන ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ නවක මන්ත‍්‍රීවරුන්ගෙන් ඊයේ (25) ඉල්ලා සිටියේය.

අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කළ මෙම ව්‍යවස්ථාව දැන් කාලීනව සංශෝධනය විය යුතු බවත්, ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක‍්‍රියාවලියේදී දේශපාලන පක්‍ෂ බේද තබා නොගන්නා ලෙසත් අගමැතිවරයා එහිදී පැවසීය.

පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ මන්තී‍්‍රවරුන්ට පිළිවෙත් හඳුන්වා දීම නිමිත්තෙන් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 පැවැති වැඩමුළුවේදී අගමැතිවරයා එසේ කීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය.

දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්‍ෂා කරනවා. ඉතිහාසයේ සිදු වුණු වැරදි අලුත් ව්‍යවස්ථාවෙන් නිවැරදි කර ගනීවි කියලත් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනා පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙකලා ජනතාවගේ බලාපොරොත්තු පළමුව ඉටු කරන්න ඕනෑ.

1977 ඉඳන් මේ දක්වා අඩ සියවසකට ආසන්න කාලයක් රට පාලනය කළ ව්‍යවස්ථාවක් තිබෙන්නේ. මෙය කාලීනව සංශෝධනය විය යුතුයි. එහි ඇති හොඳ ලක්ෂණ අපි උකහා ගන්න ඕන. මෙම ව්‍යවස්ථා සංශෝධනය අපේ වගකීමක්.

ව්‍යවස්ථාව කියන්නේ රටේ හැමට බලපාන පොදු නීතිය. ව්‍යවස්ථාවේ තිබෙන හැම කොමාවක්ම, නැවතීමේ තිතක්ම අපේ ජීවිතවලට බලපානවා. 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස