පොහොට්ටු රැලිවල ශ්‍රිලනිප නායකයන්ට හූ කියන්න එජාප කල්ලියක්! ආරියවතීට හූ කිව්වේ සජිත්ගේ සල්ලි!

October 29, 2019 at 5:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කන්තලේ නගරයේදී පැවති ජන රැලියකදී ත‍්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ආරියවතී ගලප්පත්තිට හූ තබා ඇත්තේ ප්‍රබල එජාප පාක්ෂිකයන් බව හෙළිදරව් වී තිබේ.

හූ කීම හේතුවෙන් තම කතාව ඇය විසින් අතරමගදී නතර කර දමා ඇත.

පසුව හූ තැබීම අවසන් වූ පසු යළි කතා කරන්නැයි ආරාධනා කළද එය ඇය විසින් ඉවත දමා තිබේ. ‌

කෙසේ ‌වෙතත් අනතුරුව සිදුකළ ‌සොයාබැලීමකදි ඉහත කල්ලිය එජාපයේ වැටුප් ලබන කණ්ඩායමක් බවට ‌තොරතුරු ‌හෙලිවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස