පොහොට්ටුවේ මන්ත්‍රී 04ක් ඉල්ලා අස්වේ…! උවිඳු ඇතුළු  අරගලකරුවන් 04ක් පාර්ලිමේන්තුවට..!

July 31, 2022 at 3:23 pm | by emanisa.lk

වත්මන් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඉවත්ව තරුණයන් හතර දෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

සමස්ත ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර ඇත.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.

උවිඳු විජේවීර සහ අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් තිදෙනෙකුට එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දිය යුතු බව යෝජනා කර ඇති අතර සාකච්ඡා සාර්ථක වී ඇතැයි දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *