පිරිසක් කොවිඩ් වවා ගෙන කද්දි, ගොවි මහතෙක් සිය ගස්ලබු අස්වැන්න කොවිඩ් රෝහල්වලට දන් දෙයි…!

June 2, 2021 at 6:17 pm | by emanisa.lk

මහා පරිමාණයෙන් ගස්ලබු වගා කොට දේශීය වෙළඳපළට පලතුරු සපයන මහව පළමුගෙදර, ගොවි මහතකු තම ගස්ලබු වගාවේ සියලු ම පලදාව කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වලට ලබා දීමට කටයුතු කළේය.

මහවයද්දීගම වැඩිහිටි නිවාසය, අඹන්පොළ රෝහල, ගල්ගමුව රෝහල, තඹුත්තේගම රොහල, යන රෝහලවලට රජත බණ්ඩාර එම ගස්ලබු ලබා දුන්නේය.

කුරුණෑගල නගරයේ කොවිඩ් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් වසරකට වැඩි කාලයක් තිස්සේ කැපවී වැඩ කරන ඇත්කද රජමහා විහාරාධිකාරී වීරපොකුණේ සුමංගල ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි මෙම ගස්ලබු තොගය රෝහල්වලට බෙදා දීම සිදු කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *