පියුමි හංසමාලිලා දැක්ක ම උණු වෙන හදවත උද්ඝෝෂණ කරන කාන්තාවන්ට නැත්තේ ඇයි….! – අනුර…..

July 9, 2021 at 11:27 pm | by emanisa.lk

නිරෝධායනයට රැගෙන යන ඇතැම් කාන්තාවන් පිළිබඳ සිවිල් ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරට විශාල ළෙංගතුකමක් ඇති වූ බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

මනුස්සත්වය හේතු කොට ඇතැම් කාන්තාවන් පිළිබඳ විශාල ළෙංගතුකමක් ආදරයක් බැඳීමක් නිර්මාණය වීම ප්‍රශ්නයක් නොවන බව ජවිපෙ නායකයා අවධාරණය කරයි.

එහෙත් ඊයේ දිනයේ නිරෝධායනයට රැගෙන ගිය ඇතැම් කාන්තාවන්ගේ ඇඳුම් ඉරී තිබුණ ද ඇමැතිවරයාට එවැනි ළෙංගතුකමක් පහළ නොවූ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙයින් නිරෝධායනයට යවන ලද පිරිස නැවත කැඳවන ලෙස අනුර දිසානායක අද (09) පාර්ලිමේන්තුවේ දී ඇමැති සරත් වීරසේකරගෙන් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *