“පියතුමා අපට වැරදුණා!” ජනවාරි 09ට මසකට පසු සෝභිත හිමි මට කීවා! – සුනිල් අන්තෝනි පියතුමා

June 26, 2019 at 1:03 pm | by emanisa.lk

2015 ජනාධිපතිවරණයට මසකට පමණ පසු තමන් නාග විහාරයට ගිය අවස්ථාවේ සෝභිත හිමියන් පියතුමනි, අපට වැරදුණා යැයි පැවසූ බවත් වසර 4කට පසු අපට හොඳටම වැරදුණා යැයි දැන් තමන්ට කිව හැකි බවත් රද්දොළුවේ සුනිල් අන්තෝනි පියතුමා පවසයි.

සෝභිත හිමියන් තමන් පන්සලට යන විට මල් පෝච්චියක තණකොළ ගලවමින් සිටි බවත් රජකු තැනූ එහිමියන් පත්ව ඇති තත්ත්වය දුටු තමන් කම්නයට පත්වූ බවත් හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.

කෙසේ වුවද සෝභිත හිමි ගොඩනැඟූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නියෝජිතයකු මෑතක ප්‍රකාශ කළේ එදා තමන් ගත් තීන්දුව පිළිබඳ අදත් වගකියන බවත් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස