පිටරටින් එන ලාංකිකයින්ට නොමිලේ හෝ නිවසේ නිරෝධායන පහසුකම් දෙන්න! – නාමල්….

January 6, 2021 at 9:26 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයින්ට රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල හෝ සිය නිවෙස්වල නිරෝධායනය වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඇමැති නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා තිබේ.

ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ 04 වෙනිදා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවේ දී ය.

එසේ ම රැකියා අහිමි වීම නිසා අසීරුතාවට පත්ව ඇති විදෙස්ගත ශ්‍රමිකයින්ට සිය ඉතිරුම් පහසුවෙන් මෙ රටට ගෙන ඒමට රජය සහන ලබාදිය යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ.

රජය මුදල් ගෙවා ලබා ගන්නා හොටෙල්වල එම ශ්‍රමිකයන් නොමිලේ නිරෝධායනය නොකරන්නේ මන්දැයි එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර ලාංකික ශ්‍රමිකයින්ට සිය රට පැමිණීමට ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් සහන මිලට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමැති නාමල් රාජපක්ෂ මෙහි දී රජයෙන් ඉල්ලා තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *