පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුගේ පවුලම අතුරුදන්

April 25, 2019 at 1:55 pm | by admin

පසුගිය ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වන ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හසීම් ඔහුගේ දෙමාපියන්, සොහොයුරාන් දෙදෙනා සහ සොහොයුරිය පසුගිය අප්‍රේල් 18 වෙනිදා සිට කාත්නත්කුඩියේ නිවසින් අතුරුදන් වී ඇතැයි දැනට ඉතිරි වී සිටින ඔහුගේ එකම සොහොයුරිය වන මොහොමඩ් හසීම් මදානියා (25) පවසයි.

දරුවන් පස් දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ 33 හැවිරිදි සහරාන් හසීම් 23 හැවිරිදි මොහොමඩ් හානියා සමග විවාහ වී සිටි අතර අට හැවිරිදි පුතකු සහ 4 හැවිරිදි දියණියක ඔවුන් විය. මේ අනුව සහරාන් විවාහ වී ඇත්තේ ද රටේ සාමාන්‍ය නීතියට පටහැනිව 14 හැවිරිදි දැරියක සමග බව පෙනේ.

සහරාන්ගේ සොහොයුරු මොහොමඩ් හසීම් (30) අබ්දුල් ගෆූර් අෆ්‍රින් (23) සමග විවාහ වී සිටි අතර පස් හැවිරිදි පුතකු සහ තුන් හැවිරිදි දියණියක ඔවුන්ට විය. අනෙක් සොහොයුරු මොහොමඩ් රිල්වාන් හෂීම් (28)නෆා (20) සමග විවාහ වී සිටි අතර පස් හැවිරිදි සහ මාස හයක පුතුන් දෙදෙනෙකු විය. සොහායුරිය මොහොමඩ් යසීරා හෂීම් (20) මොහොමඩ් රිෂාඩ් (22) සමග විවාහ වී සිටි අතර වසය අවුරුද්දක පිරිමි දරුවකු ඔවුන්ට විය. මේ සියලු දෙනා අප්‍රේල් 18 වෙනිදා සිට අතුරුදන් වී ඇත.

එසේම සහරාන්ගේ පියා වන හයාත් මොහොමඩ් හසීම් (55) සහ මව වන අබ්දුල් කාදර් සමීරා (50) ද අප්‍රේල් 18 වෙනිදා සිට ආගිය අතක් නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස