පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා බලයෙන් පහකළ යුතුයි! – කාදිනල්තුමා (video)

May 11, 2019 at 10:10 pm | by admin

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් පමණක් නොව මේ රටේ පාලකයන් ද ඒ සඳහා වගකිව යුතු බවත් කිසිවකුට අත සෝදාගත නොහැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

මේ වැරදි කළ අයට දඬුවම් කළ යුත්තේ ඔවුන් ඒ බලතලවලින් පහකර හැරීමෙන් බව ද එහිමියෝ පැවසූහ. වගකීම් දැරිය නොහැකි අය රටේ නායකත්වයට සුදුසු නැති බවත් ඔවුන් බලයෙන් පහකළ යුතු බවත් එහිමියෝ අවධාරණය කළහ.

මේ වන විට තමන් වහන්සේ පසුපස ද එළවන බව ආරංචි වගත් තමා ඊට බය නොවන බවත් ඕනෑම මොහොතක ජීවිතයට පරිත්‍යාග කිරීමට සුදානම් බවත් උන් වහන්සේ පැවසූහ.

පාස්කු ඉරිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය පුද්ගලයන් සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ පැවති අතර ඊට සහභාගී වෙමින් අගරදගුරුතුමා මෙම අදහස් දැක්වීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස