පාස්කු ත්‍රස්තයින් අල්ලන්න ඇමරිකාව ඩො. මිලියන 02ක් දීලා! යහපාලන ආණ්ඩුව ඒකත් මාටියා ගහලා!

November 5, 2020 at 9:26 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයේ මොළකරුවන් අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු රජය යහපාලන රජයට ලබාදුන් ඩොලර් මිලියන 1.8 ට සිදු වූ දේ අභිරහසක් වී ඇත.

මෙම මුදල ලබාගත්තේ කවුදැයි මේ වන විට වසන් වී තිබේ. එසේ ම පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටි කණ්ඩායම මේ වනතුරු අල්ලා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත.

පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු පිරිස අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු රජය යහපාලන රජයට ඩොලර් මිලියන 1.8 ක මුදලක් ලබාදුන් බව හෙළි වූයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණෙන අවස්ථාවේදීය.

මෙම බිහිසුණු ප‍්‍රහාරය පිටුපස සිටි පිරිස ගැන ඇමෙරිකානු එස්. බී. අයි. පොලිසියද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස